දක්ෂිණ අධිවේගී මාර්ගයේ (24) සිදුවූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
කොළඹ සිට මත්තල දෙසට ධාවනය වූ මෝටර් රථයක් ආරක්ෂිත වැටෙහි ගැටී පෙරළී යාමෙන් අනතුර සිදුව ඇති අතර, මියගොස් ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවකි.
තුවාල ලැබූ 30 සහ 36 හැවිරිදි දෙදෙනා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට සැක කරන අතර, පින්නදූව රථවාහන පොලීසිය විමර්ශන පවත්වයි.
SOURCE : sinhala.adaderana.lk

