SL Media Hub

SL Media Hub - Header

අනවසරයෙන් ඊශ්‍රායලයට ඇතුළුවූ ලාංකිකයෙකු අත්අඩංගුවට

ජෝර්දාන දේශසීමාව හරහා අනවසරයෙන් ඊශ්‍රායලයට ඇතුළු වූ වයස අවුරුදු 43ක ශ්‍රී ලාංකිකයෙකු ඊශ්‍රායලයේ ටයිබීරියස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුට එරෙහිව නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළු වීම සහ නීතිවිරෝධී ආකාරයෙන් විදේශීය පදිංචිකරුවෙකු ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ඊශ්‍රායල පොලීසිය සඳහන් කරයි.

එමෙන්ම, මිනිස් ජාවාරම්කරුවන් හරහා අනවසරයෙන් ඊශ්‍රායලයට ඇතුළුවීම ඉතා අවදානම් සහ ජීවිතයට තර්ජනයක් වන ක්‍රියාවක් බවද මහජනතාවට අවධාරණය කර ඇත.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top