2025 අයවැය යෝජනා අනුව මේ වසරේ 01 වැනි දින සිට ක්‍රියාත්මක වූ ගුරු වැටුප් වැඩිවීම අද (20) දිනයේදී ගිණුම්ගත කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, 2025 අයවැය යෝජනාට අනුව අධ්‍යාපන සේවාව ඇතුළු රජයේ සේවකයන්ට මෙම වසරේ 01 වැනි දින සිට නැවත වැටුප් වැඩිවීමක් ලබාදී ඇති අතර, ඒ අනුව ගුරුවරුන්ට අද දිනයේ අදාළ වැටුප් ගිණුම්ගත කර ඇති බවයි.
SOURCE : sinhala.adaderana.lk

