“කුමරියක්” කිව්වම අපේ ඔළුවට එන්නේ ලස්සන ගවුමක් ඇඳගෙන, දිලිසෙන ඔටුන්නක් දාගෙන මාලිගාවට වෙලා ඉන්න රූපයක්නේ. හැබැයි මේ ෆොටෝ එකේ ඉන්නේ ඒ අදහස කණපිට හරවපු යකඩ ගැහැණියක්.
මේ තමයි ස්පාඤ්ඤයේ ඔටුන්න හිමි ලියොනෝර් කුමරිය.
2005 වසරේ උපන් ඇයට මේ වන විට වයස අවුරුදු 20 යි. එංගලන්තයේ උසස් අධ්‍යාපනය නිම කළ ඇය, මේ වෙද්දී ඉන්නේ මාලිගාවේ සුවපහසු ඇඳක නෙවෙයි. ඇය මේ මොහොතේත් ස්පාඤ්ඤ ගුවන් හමුදා ඇකඩමියේ දූවිලි කාගෙන කටුක හමුදා පුහුණුවක් ලබමින් ඉන්නවා.
මේක නිකම්ම පුහුණුවක් නෙවෙයි, ඓතිහාසික සිදුවීමක්. ස්පාඤ්ඤ ඉතිහාසයේ පහුගිය අවුරුදු 150ක කාලය පුරාවටම රට පාලනය කළේ පිරිමි රජවරුන්. අන්තිමට රට පාලනය කළ රැජින හිටියේ 1868 දී.
ඉතින් ශතවර්ෂ එකහමාරකට පස්සේ රජ කෙනෙක් නැතුව, රටේ පාලනය තනිවම භාරගන්න “රැජිනක්” බිහිවෙන්න යන්නේ ඇයගෙන්.
ගොඩක් අයට හිතෙන්න පුළුවන් “රැජිනක් වෙන්න මේ වගේ දුෂ්කර හමුදා පුහුණුවක් මොකටද?” කියලා. රටේ නීතියට අනුව රජතුමා හෝ රැජින තමයි ත්‍රිවිධ හමුදාවේම ප්‍රධානියා වෙන්නේ.
ඉතින් තමන්ගේ අණට යටත් වෙලා ඉන්න සොල්දාදුවා විඳින දුක සහ යුද්ධයේ ස්වභාවය ගැන ප්‍රායෝගික අවබෝධයක් නැති කෙනෙක්ට, කවදාවත් සාර්ථක නායිකාවක් වෙන්න බැහැ.
අන්න ඒ නිසාම ඇය ලෝකයේ ඉහළම රාජකීය සැප සම්පත් පැත්තක තියලා, අවුරුදු 3ක බරපතල හමුදා පුහුණුවකට බැස්සා. ඇය පාබල හමුදා පුහුණුව ඉවර කරලා, නාවික හමුදාව එක්ක එකතු වෙලා දවස් 155ක් තිස්සේ කිලෝමීටර් 37,000ක් මහ මුහුදේ සැරිසරමින් දුෂ්කර නාවික පුහුණුවක් සාර්ථකව නිම කළා.
දැන් ඇය තමන්ගේ අවසන් අදියර විදිහට ගුවන් හමුදා පුහුණුව ලබමින් ඉන්නවා.
පුදුම හිතෙනම කාරණය තමයි මේ පුහුණුව වෙනුවෙන් ඇයට ලැබෙන මාසික දීමනාව ඇය ප්‍රතික්ෂේප කිරීම. “මමත් තවත් එක සාමාන්‍ය සොල්දාදුවෙක් විතරයි” කියලා පෙන්නන්න ඇය තීරණය කළා.
කෑම්ප් එක ඇතුලේ ඇය “රාජකීය කුමරියක්” නෙවෙයි. ඇයව හඳුන්වන්නේ “Cadet Borbón Ortiz” කියලා විතරයි. අනිත් අය වගේම පොදු කාමරේ නිදාගෙන, පාන්දර නැගිටලා, තමන්ගේ ඇඳ හදාගෙන, බූට්ස් පොලිෂ් කරගෙන වෙලාවට පෙළපාලියට යන්න ඇයට සිද්ධ වෙනවා.
නිකම්ම නිකන් නම ඉස්සරහට එන තනතුරක් වෙනුවට, රටක් භාරගන්න කලින් පොළොවේ පය ගහලා ජීවත් වෙන්න පුරුදු වෙන මේ වගේ නායිකාවන් ලෝකයටම ආදර්ශයක්.
ඔයා මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාගෙන යමු. 👇
මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා
ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා ‘Favourites’ දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

