වයස අවුරුදු 40 කියන්නේ කාන්තාවකගේ ජීවිතේ ඉතාම තීරණාත්මක කඩඉමක්. මේ කාලෙදි හෝමෝන වෙනස් වෙනවා (Perimenopause), ඇඟට නිකම්ම මහන්සියි, අස්ථි හා ඇට රිදෙන්න ගන්නවා.
ගොඩක් නෝනලා හිතන්නේ “වයසට යනකොට ඔහොම තමයි” කියලා. නෑ! එහෙම එකක් නෑ!. ඇඟට අවශ්‍ය පෝෂණය හරියට ලැබෙනවා නම් අවුරුදු 40 දී වුණත් 20ක කෙල්ලෙක් වගේ ඉන්න පුළුවන්.
ඒ සදහා ඔබ කරන්න අවශ්‍ය එක දෙයයි, ඒ තමයි ලංකාවේ අපි බොහෝ දෙනෙක් කිසිම ආකාරයෙන් අවධානයක් ලබා නොදෙන , ඔබේ ශරීරයට අවශ්‍ය දෛනික පෝෂණය ගැන වෙනදට වඩා සැලකිලිමත් වීමයි. කාන්තාවක් විදියට ඔබේ අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතු විටමින් සහ පෝෂක 07 මොනවද කියලා දැන් අපි කියා දෙන්නම්.
🌸 අවුරුදු 40 පැන්නද? එහෙනම් මේ “මිතුරියන් 7 දෙනා” අනිවාර්යයෙන්ම ළඟ තියාගන්න! 🌸
ඔබටත් දැන් ඉස්සර වගේ වැඩ කරන්න බැරිද? ඉක්මනට මහන්සි වෙනවද? දණහිස් රිදෙනවද? මේ ප්‍රශ්නවලට උත්තරේ මේ විටමින් වර්ග 07 ඇතුලේ තියෙන්න පුළුවන්.
අංක 01 – විටමින් B12 (Energy Booster) 🔋
ඇයි ඕනේ: වයස 40 පැන්නම අපේ බඩෙන් B12 උරාගන්න එක අඩු කරනවා. මේක අඩු වුණාම තමයි නිකම්ම නිදිමත ගතිය, මතක නැති වෙන එක (Brain Fog) සහ ඇඟට පණ නැති ගතිය එන්නේ.
ලැබෙන තැන්: මස්, මාළු, බිත්තර, කිරි. (Vegetarian නම් අනිවාර්යයෙන්ම Supplement එකක් ගන්න වෙනවා).
අංක 02 – විටමින් D3 (The Bone Protector) ☀️
ඇයි ඕනේ: අපි කැල්සියම් කොච්චර ගත්තත්, ඒක ඇඟට උරාගන්න නම් විටමින් D ඕනේ. 40න් පස්සේ එන ඇඟ පත වේදනාවට සහ ප්‍රතිශක්තියට මේක නැතුවම බැහැ.
ලැබෙන තැන්: උදේ අව්ව, සැමන්, බිත්තර කහ මදය.
අංක 03 – කැල්සියම් (The Cement) 🦴
ඇයි ඕනේ: කාන්තාවන්ගේ ආර්තවහරණය (Menopause) ළං වෙනකොට ඊස්ට්‍රජන් හෝමෝනය අඩු වෙනවා. එතකොට ඇටකටු දිරන්න (Osteoporosis) පටන් ගන්නවා. ඒක නවත්වන්න කැල්සියම් ඕනේ.
ලැබෙන තැන්: කිරි, චීස්, හාල්මැස්සෝ, මුරුංගා කොළ.
අංක 4 – මැග්නීසියම් (The Relaxer) 😴
ඇයි ඕනේ: රෑට හරිහැටි නින්ද යන්නේ නැද්ද? කකුල් වල මස් පෙරළෙනවද? එහෙනම් ඔබට මැග්නීසියම් මදි. මේකෙන් ස්නායු පද්ධතිය සැහැල්ලු කරලා, හොඳ නින්දක් ලබා දෙනවා. රුධිර පීඩනය පාලනය කරන්නත් මේක මරු.
ලැබෙන තැන්: නිවිති, කෙසෙල්, ආමන්ඩ්, අලිගැටපේර.
අංක 05 – ඔමේගා-3 (Heart & Brain) ❤️🧠
මේක විටමින් එකක් නෙවෙයි, නමුත් අත්‍යවශ්‍ය මේද අම්ලයක්.
ඇයි ඕනේ: වයසට යනකොට හදවතේ අවදානම වැඩි වෙනවා. ඔමේගා-3 වලින් හදවත ආරක්ෂා කරනවා වගේම, හමේ තෙතමනය රැකලා රැලි වැටෙන එක අඩු කරනවා.
ලැබෙන තැන්: කුඩා මාළු වර්ග, ෆිෂ් ඔයිල් (Fish Oil) කරල්.
අංක 6 – කොලැජන් (For Youthful Skin & Joints) ✨
ඇයි ඕනේ: අවුරුදු 40 වෙනකොට හම එල්ලෙන්න ගන්නෙත්, දණහිස් වලින් “කට කට” සද්දේ එන්නෙත් කොලැජන් අඩු වෙන නිසයි. මේකෙන් හම තද කරනවා වගේම සන්ධි ලිහිසි කරනවා.
ලැබෙන තැන්: බෝන් බ්‍රොත් (මස් කටු තම්බපු වතුර), කොලැජන් සප්ලිමන්ට්ස්.
අංක 07 – විටමින් C (Immunity & Glow) 🍊
ඇයි ඕනේ: මේකෙන් තමයි කොලැජන් හදන්න උදව් කරන්නේ. ඒ වගේම ලෙඩ රෝග වලින් බේරෙන්න ප්‍රතිශක්තිය හදලා දෙනවා.
ලැබෙන තැන්: දෙහි, දොඩම්, නෙල්ලි, පේර.
මේ පොස්ට් එකේ කොතනකවත් අපි ඔබට විටමින් පෙති කඩෙන් අරන් බොන්න කියලා නෑ. මොකද මේ සේරම විටමින් වර්ග ඔබට ආහාර වෙල නිසි පරිදි සැලසුම් කර ගත්තොත් , ලේසියෙන්ම ශරීරයට ලබා ගන්න පුළුවන්. ඔබට ආහාර සැලසුම් කර ගන්න අමාරු නම් , අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක්ගෙන් අහලා ඩෝස් එක (Dosage) හා නිසි උපදෙස් අරන් ඒ සදහා යොමු වෙන්න ඕනේ. මොකද සමහර විටමින් වැඩි වුණොත් විස වෙන්න පුළුවන්.
එහෙනම් මේ පෝස්ට් එක ඔයාගේ අම්මට, අක්කට, බිරිඳට හෝ යාළුවට Share කරන්න. මොකද එයාලගේ සෞඛ්‍යය මුළු පවුලටම වටිනවා..

