මහා සංඝරත්නයට නින්දිත හා පහත් ආකාරයෙන් අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ ලාල් කාන්ත අමාත්‍යවරයා සම්බන්ධයෙන් රජය නිසි පියවරක් නොගන්නේ නම් එහි අනිටු විපාක වලට නුදුරේදීම මුහුණ දීමට සිදුවනු ඇති බව ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමියන් පවසයි.
දේශපාලනඥයින් සහ මහා සංඝ රත්නය අතර විවිධ මත ගැටුම් ඇති වූවද මෙරට ඉතිහාසයේ කිසිදු දේශපාලනඥයෙකු මේ ආකාරයෙන් මහා සංඝරත්නයට අපහස සිදුකර නොමැති බවය.
SOURCE: sinhala.adaderana.lk

