විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන **ධර්මසිරි ලියනගේ (ඇල්ටෝ ධර්මේ)**ගේ තියුණු ආයුධ කල්ලියේ සාමාජිකයින් තිදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සතුව තිබී කඩු 3ක්, රු. ලක්ෂ 25ක හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇත.
මොරටුව සහ දෙහිවල ප්‍රදේශවල සිදු වූ තියුණු ආයුධ ප්‍රහාර රැසකට මෙම කල්ලිය සම්බන්ධ බවද මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.
SOURCE : sinhala.adaderana.lk

