SL Media Hub

SL Media Hub - Header

ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක්?

වයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකිය.

අද (06) සවස 2ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්  දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.  

මේ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන අනාවැකි සහ නිවේදන පිළිබඳව, ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටින ලෙසද දැනුම්දෙයි.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top