SL Media Hub

SL Media Hub - Header

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සඳහා නිකුත් කළ අනාවැකිය අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වල සහ මාතලේ, නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකිය.

ත්‍රිකුණාමලය සහ මඩකලපුව ඇතුළු ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තද වැසි ද අපේක්ෂා කෙරේ.

සෙසු ප්‍රදේශවල පස්වරුන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල උදෑසන මීදුම් ඇතිවිය හැකි බවද දැනුම් දී ඇත.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අනතුරු වලින් අවධානයෙන් සිටින ලෙස ජනතාවට උපදෙස් ලබාදී ඇත.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top