නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එීමට සූදානම් කර තිබූ ගංජා කිලෝග්‍රෑම් 194ක් තමිල්නාඩු රාජ්‍යයේ රාමනාදපුරම් පොලිසිය විසින් සොයාගෙන ඇත.
ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊ.සී.ආර් වෙරළ මාර්ගයේ සිදු කළ වාහන පරීක්ෂාවකදී මිටි 97ක් ලෙස ඇසුරූ මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවී තිබේ.
ඒ සමඟ මෙම ගංජා ප්‍රවාහනය කළ මෝටර් රථය සහ වයස අවුරුදු 40ක රියදුරුවකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සැකකරු වැඩිදුර නීතිමය කටයුතු සඳහා රාමනාදපුරම් මත්ද්‍රව්‍ය බුද්ධි අංශයට භාරදී ඇති අතර, මෙම ජාවාරම් ජාලයට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සොයා විමර්ශන ද ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කර ඇත.
SOURCE : sinhala.adaderana.lk

