SL Media Hub

SL Media Hub - Header

ඉන්දියාවේ බිහිසුණු දුම්රිය අනතුරක් – 60කට තුවාල

ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ චමෝලි ප්‍රදේශයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා තිබේ.

උත්තරාකන්ඩ් හි චමෝලි දිස්ත්‍රික්කයේ ජල විදුලි ව්‍යාපෘති උමඟක් තුළ සේවය කළ කම්කරුවන් සහ නිලධාරීන් රැගත් දුම්රියක් හා භාණ්ඩ දුම්රියක් මෙලෙස ඊයේ (30) එකිනෙක ගැටී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 109 දෙනෙකු සිට ඇති බව විදෙස් වාර්තා පවසයි.

තුවාල ලැබු පුද්ගලයින් දස දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් වෙයි.

අනතුර සිදුවීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බව වැඩිදුර සඳහන් වෙයි.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top