සත්කාරක India national cricket team කණ්ඩායමට එරෙහි අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 41ක පහසු ජයක් ලබාගැනීමට New Zealand national cricket team කණ්ඩායම සමත් විය.
ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස නවසීලන්තය ජයගත්තේය.
මෙය ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී නවසීලන්ත කණ්ඩායම ලැබූ පළමු එක්දින තරගාවලි ජය ලෙස ක්‍රිකට් ඉතිහාසයට එක්වෙයි.
1988 වසරේ සිට ඉන්දියාවේ සංචාරය කරන නවසීලන්තය, වසර 37ක කාලයක් තුළ එරටදී කිසිදු එක්දින තරගාවලියක ජය වාර්තා කර ගැනීමට නොහැකිව සිටි අතර, මෙවර එම අඩුව පුරවා ගැනීමට හැකි විය.
ඉන්ඩෝහි පැවති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 338ක් රැස්කරමින් ඉන්දියාවට දැවැන්ත ඉලක්කයක් ලබාදුනි.
ඊට පිළිතුරු ලෙස ඉන්දියාව පන්දුවාර 46ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 296ක් පමණි.
එහිදී Virat Kohli ලකුණු 124ක් ලබාගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළද, එය ඉන්දියාවට ජයග්‍රහණය ලබාදීමට ප්‍රමාණවත් නොවීය.
නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Zac Foulkes (3/77) සහ Christian Clarke (3/54) කඩුලු තුන බැගින් දවාගැනීමට සමත් වූහ.
SOURCE: sinhala.adaderana.lk

