SL Media Hub

SL Media Hub - Header

ඉන්දීය නෞකා දෙකක් කොළඹට

ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් “Varaha” සහ “Atulya” නෞකා දෙක කොළඹ වරායට නිල සංචාරයක් සඳහා පැමිණ ඇති අතර, නාවික සම්ප්‍රදායන්ට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඒවා උණුසුම් ලෙස පිළිගෙන ඇත.

මීටර් 96.2ක දිගින් යුත් ඕෆ්ෂෝර් මුර සංචාර නෞකාව වන Varaha අණදෙන නිලධාරි අශ්විනි කුමාර් විසින් මෙහෙයවනු ලබන අතර, මීටර් 50ක් දිග වේග මුර සංචාර නෞකාව වන Atulya අණදෙන නිලධාරි අනිත් කුමාර් මිශ්‍රාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වේ.

මෙම නෞකා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමඟ එක්ව අභ්‍යාසවලට සහභාගී වීමට නියමිත අතර, මෙම සංචාරය දෙරට අතර වෙරළාරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාවක් සපයන බව සඳහන් වේ.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top