SL Media Hub

SL Media Hub - Header

ඉරානයේ විරෝධතාවලින් මියගිය ගණන ඉහළට

ඉරානයේ වත්මන් පාලනයට විරුද්ධ ව පසුගිය සතියේ ආරම්භ කළ මහජන විරෝධතා අඛණ්ඩව 13වන දිනටත් පැවැත්විණි.

නගර 180ක ස්ථාන 500කට වැඩි ප්‍රමාණයක් පුරා පැතිරී ඇති මෙම ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් මේ වන විට ආරක්ෂක අංශ නිලධාරින් 15දෙනෙකු ද ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 65දෙනෙකු මියගොස් තිබේ.

ඒ අතර කුඩා ළමයින් ද නව දෙනෙකු සිටින බව වාර්තා වේ.

එමෙන්ම 2,300කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් මේ වන විට ආරක්ෂක අංශ සිය භාරයට ගෙන ඇත.

විරෝධතාකරුවන් තවදුරටත් දේපළවලට හානි කරමින් ප්‍රචණ්ඩව හැසිරෙන අතර රට පුරා අන්තර්ජාල සේවා ද තවමත් පවතින්නේ අක්‍රිය තත්ත්වයේය.

නමුත් එරට උත්තරීතර නායක අයොතුල්ලා අලි කමේනි පවසා ඇත්තේ විරෝධයේ නිරත පිරිස්වල අරමුණ අමෙරිකාව සතුටු කිරිම බවය.

මේ අතර ඉරානය අස්ථාවර කිරීමේ අමෙරිකානු ක්‍රියාකලාපය ප්‍රතික්ෂේප කරමින් ඉරානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ලිපියක් යොමු කර ඇත.

එවැනි පසුබිමක විරෝධතාවලට සහාය දක්වන, එරට හිටපු ෂාහ් රජුගේ පුත් රේසා පහ්ලවි ප්‍රකාශයක් නිකුත් කරමින් විරෝධතා කරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ අද සිට දින දෙකක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන ලෙසය.

කෙසේ වෙතත් ඉරාන ආරක්ෂක හමුදා අද කියා සිටියේ තම හමුදා උපායමාර්ගික ව වැදගත් යටිතල පහසුකම් සහ පොදු දේපල ආරක්ෂා කිරිමට කටයුතු කරන බවය.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top