SL Media Hub

SL Media Hub - Header

උතුරු ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට සුළු තුවාල..

උතුරු ඊශ්‍රායලයට අද (02) එල්ල වූ මිසයිල ප්‍රහාරයක් අතරතුර ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් සුළු තුවාල ලබා ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කරයි.
තුවාල ලැබූ කාන්තාව කඩවත ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි. ප්‍රහාරයෙන් පසු ඇය වහාම රෝහල්ගත කර ඇති අතර, ඇයගේ තත්ත්වය බරපතළ නොවන බැවින් වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ලබා දී නැවත ඇයගේ පදිංචි ස්ථානය වෙත යොමු කර ඇත.
කෙසේ වෙතත්, ඇය පදිංචිව සිටි නිවසට ප්‍රහාර හේතුවෙන් හානි සිදුව ඇති බැවින්, ආරක්ෂිත හේතු මත ඇය වෙනත් ස්ථානයකට පදිංචියට ගොස් ඇති බවද තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව මැදපෙරදිග කලාපයේ යුද තත්ත්වය උත්සන්න වී අද වනවිට දින තුනක් ගතවී ඇත. එහි කොටසක් ලෙස ඊශ්‍රායලය විසින් ඉරානයේ තෝරාගත් ස්ථාන සහ ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරමින් සිටී.
මෙම තත්ත්වයට ප්‍රතිචාර ලෙස හිස්බුල්ලා සංවිධානය විසින් උතුරු ඊශ්‍රායලයේ හයිපා ප්‍රදේශය ඉලක්ක කරමින් මිසයිල දෙකක් එල්ල කර ඇති බව වාර්තා වේ. එම ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ විවිධ ප්‍රදේශවල හානි සිදුව ඇති අතර, ඊශ්‍රායල ජාතිකයින් කිහිපදෙනෙකු මියගොස් ඇති බවද සඳහන් වේ. එසේම, මිසයිල කොටසක් කඩා වැටීමෙන් පිලිපීන ජාතික සාත්තු සේවිකාවක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායල රජය විසින් ප්‍රකාශයට පත් කර තිබූ හදිසි තත්ත්වය තවත් දින දෙකක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවද ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Source – Ada Derana

An AI-generated image

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top