SL Media Hub

SL Media Hub - Header

එංගලන්තයට එක්දින තරගාවලියේ ජය

පවන් රත්නායකගේ මංගල ශතකය අපතේ යවමින් එංගලන්ත කණ්ඩායම අද (27) ශ්‍රී ලංකාවට එරෙහි අවසන් එක්දින තරගය ලකුණු 53කින් ජයගත් අතර, තරගාවලිය 2–1ක් ලෙසද ජයගත්තේය.

එංගලන්තය කඩුලු 3කට ලකුණු 357ක් රැස්කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන්ගේ ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය. ජෝ රූට් නොදැවී 111ක් සහ නායක හැරී බෘක් නොදැවී 136ක් ලබාගත්තහ.

ලකුණු 358ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව ලකුණු 304කට සීමා වූ අතර, පවන් රත්නායක සිය එක්දින දිවියේ පළමු ශතකය වාර්තා කළේය.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top