SL Media Hub

SL Media Hub - Header

ඔබේ ලග්නය අනුව ඔබ ගැන කියවෙන “අමුතුම” රහස් මෙන්න..

ඔබේ ලග්නය අනුව ඔබ ගැන කියවෙන “අමුතුම” රහස් මෙන්න..

හිතන්නකෝ.. ඔයා කවුද කියලා ඔයාටත් වඩා හොඳට දන්න කෙනෙක් ඉන්නවා කිව්වොත්? හැමෝම සමාජය ඉස්සරහා පෙන්වන චරිතයට වඩා ඇතුලෙන් හරිම වෙනස්, ගැඹුරු රහස් පැත්තක් අපේ ඇතුළේ හැංගිලා තියෙනවා. අද මම කියන්න යන්නේ ඔයා කීයවටවත් කලින් අහලවත් නැති, ඒත් අකුරටම හරි යන ඔයාගේ ලග්නයේ රහස් ටිකක් ගැනයි.

බලන්නකෝ ඔයාගේ ලග්නයට මේ දේවල් කොච්චර ගැලපෙනවද කියලා! 👇

♈ මේෂ (Aries) – “පිටතින් ගින්දර – ඇතුළතින් මලක්”

මේෂ ලග්න හිමියෝ හරිම දඩබ්බරයි, ඉක්මනට කේන්ති යනවා කියලා තමයි හැමෝම හිතන්නේ. ඒත් ඇත්තම කතාව ඊටවඩා ගොඩක් වෙනස්? මේ අය ඇතුළතින් හරිම සංවේදී, පුංචි දේටත් හිත රිදෙන බබාලා වගේ පිරිසක්.

මේ ය හැමදේකදීම පළවෙනියා වෙන්න හදන්නේ අහංකාරකමට නෙවෙයි, තමන්ව ප්‍රතික්ෂේප වෙයි කියන බයට.

කවුරුත් නැති වෙලාවට මේ අය තනියම හිතින් අඬනවා, හැබැයි ලෝකෙට පේන්න හිනාවෙලා හයියට ඉන්නවා.

♉ වෘෂභ (Taurus) – “නොසැලෙන ගලක් වගේ පෙනුනට, හිත රත්තරන්”

වෘෂභ ලග්න හිමියෝ කියන්නේ හරිම මුරණ්ඩු පිරිසක් කියලා ප්‍රසිද්ධයිනේ. ඒත් ඇත්තටම ඒ මුරණ්ඩුකම පිටිපස්සේ තියෙන්නේ තමන් ආදරේ කරන අයව ආරක්ෂා කරගන්න තියෙන දැඩි වුවමනාව.

ඒ වගේම මේ අය මුදල් වලට ලෝභයි වගේ පෙනුනට, තමන්ගේ හිත ගිය කෙනෙක් වෙනුවෙන් තමන් සතු ඕනෑම දෙයක් දෙන්න මේ අය දෙපාරක් හිතන්නේ නැහැ. මේ අය හරිම කම්මැලි වගේ පෙනුනට, තමන්ගේ ඉලක්කයක් වෙනුවෙන් මැරීගෙන වැඩ කරන්න පුළුවන් දක්ෂයෝ…

♊ මිථුන (Gemini) – “දෙපැත්තක් ඇති කාසියක්”

ලෝකේ වැඩිපුරම වැරදියට වටහා ගත්තු ලග්නය තමයි මිථුන. හැමෝම කියන්නේ මේ අයට මූණු දෙකක් තියෙනවා කියලා. ඒත් ඇත්ත රහස ඒක නෙවෙයි.

මේ අයගේ හිතේ එක වෙලාවක අදහස් දහස් ගණනක් දුවනවා. ඒ නිසා එක තීරණයක ඉන්න මේ අයට අමාරුයි. හරිම සතුටින් ඉන්නවා වගේ පෙනුනට, මේ අය තනිවුණාම හරිම අඳුරු සිතුවිලි වල අතරමං වෙනවා, නිතරම ඉන්නේ මොකක් හරි ගැන හිතන ගමන්,

♋ කටක (Cancer) – “පිටත කටුව හයියයි – ඇතුළත හරිම මෘදුයි”
කටක ලග්න හිමියෝ කියන්නේ හැඟීම් වල රජවරු. මේ අයගේ රහස තමයි, තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන කිසිම කෙනෙක්ට ඉක්මනට කියන්නේ නැති එක. මේ අයට සුපිරි මතක ශක්තියෙක් තියෙනවා. අවුරුදු 10කට කලින් ඔයා කරපු පොඩි වැරැද්දක් පවා මේ අයට අද වගේ මතකයි. කොයි වෙලාවක හරි ඒකට රිටන් එක දෙනවා,

කටක ලග්න හිමියෙක් ඔයාට ආදරේ කරනවා නම්, ඒක හරිම පරිත්‍යාගශීලී ආදරයක්. අනිත් කෙනා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න කැපවෙලා ඉන්නවා,

♌ සිංහ (Leo) – “කැපී පෙනෙන්න ආස, ඒත් ආදරේට පෙරේතයි”
සිංහ ලග්න හිමියෝ හැමවෙලේම උත්සාහ කරන්නේ සභාවේ කැපී පෙනෙන චරිතය වෙන්න. ඒත් ඒක පිටිපස්සේ තියෙන්නේ ලොකු රහසක්.
මේ අය හරිම බයයි තමන්ව කාටවත් වැඩක් නැති වෙයි කියලා. කවුරුත් තමන්ව අගය කරන්නේ නැති වුණොත් මේ අය මානසිකව වැටෙනවා.
සිංහයෙක් වගේ ගොරවනවා වගේ පෙනුනට, ආදරේ ඉස්සරහා මේ අය නිකම්ම නිකම් පූස් පැටව් වගේ. හරිම හුරතල්, ඒ වගේම ආදරේ වෙනුවෙන් යුද්ධයක් උනත් කරන්න ලෑස්තියි,

♍ කන්‍යා (Virgo) – සර්වසම්පූර්ණ වෙන්න ගිහින් විඳවන හිතක්

මේ අයට හැමදේම අකුරටම තියෙන්න ඕනේ, කිසිම වැරැද්දක් වෙන්න බැහැ – මේක තමයි කන්‍යා ලග්න හිමියන්ගේ හැටි. ඒත් මේ ලස්සන පිළිවෙළ ඇතුළේ ලොකු කැළඹීමක් තියෙනවා.

මේ අය තමන් ගැනම විවේචනාත්මකයි. මම තවම සුදානම් නැද්ද ? කියන ප්‍රශ්නය හැමවෙලේම මේ අයගේ හිතේ තියෙනවා.

කවුරුත් දන්නේ නැති වුණාට කන්‍යා ලග්න හිමියෝ කියන්නේ ඕනෑම රහසක් මිනී වළට යනකම් රකින හරිම විශ්වාසවන්ත යාළුවෝ. ඕනෑම රහසක් කියන්න පුළුවන් 100% ක්ම විශ්වාසය තියන්න පුළුවන් කට්ටිය තමයි මේ,

♎ තුලා (Libra) – සාමය සොයා යන කලබලකාරී හිත්..

තුලා ලග්න හිමියෝ හැමවෙලේම බලන්නේ ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව සාමයෙන් ඉන්න. හැබැයි ඒ සාමය වෙනුවෙන් මේ අය තමන්ගේ සතුට ගොඩක් වෙලාවට කැප කරනවා.

තීරණයක් ගන්න බැරිකම මේ අයගේ ලොකුම දුර්වලකම වුණාට, ඒක වෙන්නේ අනිත් අයට අසාධාරණයක් වෙයි කියන බයටයි. නිතරම ඕන හැමෝටම සමාන විදියට සලකන්න, තමන්ට ලැබෙන දේ අඩු උනත් කමක් නෑ හැබැයි වෙන කෙනෙක්ට අඩුවෙන් ලැබෙනවට මේ අය කැමති නැහැ,

ඒ වගේම තමයි ලස්සනට, පිළිවෙළට ඉන්න මේ අය තරම් කැමති වෙන කවුරුත් නැහැ.

♏ වෘශ්චික (Scorpio) – අභිරහස් වල රජා

ලග්න 12න්ම වඩාත්ම රහස් තියාගෙන ඉන්න ලග්නය තමයි වෘශ්චික. මේ අයව තේරුම් ගන්න එක ලේසි නැහැ.

වෘශ්චික ලග්න හිමියෙක් ඔයා දිහා නිහඬව බලාගෙන ඉන්නවා නම්, ඒ කියන්නේ එයා ඔයාගේ මුළු ජීවිතයම ස්කෑන් කරනවා කියන එකයි.

මේ අය පළිගන්න සුළුයි කියලා කිව්වට, ඇත්තටම මේ අය කරන්නේ තමන්ට වංචා කරපු අයව තමන්ගේ ජීවිතෙන් සදහටම අයින් කරන එකයි. එකත් කරන්නේ මාස්ටර් ප්ලෑන් එකක් ගහලා,

♐ ධනු (Sagittarius) – නිදහස හොයන සදාකාලික සංචාරකයා

ධනු ලග්න හිමියෝ කියන්නේ හරිම විනෝදකාමී, සීමා මායිම් වලට අකමැති පිරිසක්. ඒත් මේ හිනාව පිටිපස්සේ ගැඹුරු දාර්ශනිකයෙක් ඉන්නවා.

මේ අය බැඳීම් වලට බයයි වගේ පෙනුනට, ඇත්තටම මේ අය බය වෙන්නේ තමන්ගේ නිදහස නැති වෙයි කියලා විතරයි.

මොන තරම් ප්‍රශ්න ආවත් ඕවා ඕනෑම කෙනෙක්ට වෙනවා කියලා හිතලා හිනාවෙලා ඉන්න අමුතුම පවර් එකක් මේ අයට තියෙනවා.
සම්බන්දතා වලට මේ අයට නිදහස දෙනවනම් මේ අය 100%ක් ම අවංකව සම්බන්දතාවය රකිනවා,

♑ මකර (Capricorn) – ඉලක්කය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක්

මකර ලග්න හිමියෝ කියන්නේ සුපිරිම වැඩකාරයෝ. ජීවිතේ සාර්ථක වෙන්න ඕනේ කියන එක තමයි මුළු ජීවිතේම අරමුණ.

පිටතින් හරිම බැරෑරුම්, ගල් හදවතක් තියෙනවා වගේ පෙනුනට, මේ අය ඇතුළතින් හරිම ආතල් (Funny) පිරිසක්. ඒ පැත්ත පෙන්වන්නේ තමන්ගේ සමීප අයට විතරයි. වයසට යන්න යන්න තරුණ වෙන එකම ලග්නය මකර ලග්නයයි

♒ කුම්භ (Aquarius) – අනාගතයෙන් ආපු මිනිස්සු

කුම්භ ලග්න හිමියෝ හරිම අමුතුයි. මේ ලෝකේ සාමාන්‍ය දේවල් වලට මේ අය කැමති නැහැ. හැමතිස්සෙම අලුත් දෙයක් හිතනවා.

මේ අය මිනිස්සුන්ට ගොඩක් ආදරෙයි, හැබැයි පුද්ගලිකව තනි තනි මිනිස්සුන්ව ආශ්‍රය කරන්න මේ අය ටිකක් අකමැතියි. තනියම නිදහසේ ඉන්න මේ අය ගොඩක් ආසයි. ඔයාට ලෝකේ කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කියන්න හොඳම කෙනා කුම්භ ලග්න හිමියෙක්. මොකද මේ අය කිසිම කෙනෙක්ව විනිශ්චය කරන්නේ නැහැ. ඒ වගේම මේ අය හොඳ සවන්දෙන්නන්..

♓ මීන (Pisces) – “හීන ලෝකෙක ජීවත් වෙන අහිංසකයෝ”

මීන ලග්න හිමියෝ කියන්නේ හරිම අහිංසක, අනුන්ගේ දුකේදී උණු වෙන පිරිසක්. ෆිල්ම් එකක කෙනෙක් අඬද්දීත් ඇස්වලට කඳුළු එන පිරිසක්.

මේ අය හිතාගෙන ඉන්නේ හැමෝම තමන් වගේම හොඳයි කියලා. ඒ නිසාම ජීවිතේ ගොඩක් වාරයක් රැවටෙනවා.

හැබැයි මීන ලග්න හිමියන්ට පුදුම විදිහේ ඉවක් (Intuition) තියෙනවා. වෙන්න යන දේවල් කලින්ම දැනීමේ හැකියාව මේ අයට උපතින්ම ලැබිලා තියෙනවා. ගොඩක් වෙලාවට මෙයාලා දෙයක් කිවොත් ඒක වෙන්න තියෙන සම්බාවිතාවය 99%ක් ම හරි, ඒ නිසා ඔයා මොනවා හරි කරන්න කලින් මීන ලග්න හිමියෙක් ගෙන් ඒ ගැන අහලා ඉන්න,

ඉතින් කොහොමද? ඔයාගේ ලග්නයට මේ කතාව කොච්චර දුරට ගැලපෙනවද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඔයාගේ හොඳම යාළුවගේ ලග්නයත් එක්ක මෙයාව ටැග් කරන්න අමතක කරන්න එපා! 🔮✨

Astrology #LifeSecrets #Lagnaya #SinhalaAstrology #Personality #FacebookPost

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top