අපි හුඟක් වෙලාවට අපේ මූණ ලස්සනට තියාගන්න දෙන අවධානය අපේ මුළු ඇඟම දරාගෙන ඉන්න කකුල් දෙකට දෙන්නේ නැහැ නේද? හැබැයි ඔයා දන්නවද? ඇඟ ඇතුලේ හැංගිලා තියෙන භයානක ලෙඩ ගැන මුලින්ම සිග්නල් දෙන්නේ අපේ කකුල් දෙක කියලා! 😮
අදම ඔයාගේ කකුල් දෙක ගැන පොඩ්ඩක් විපරම් කරලා බලන්න. මේ ලක්ෂණ තියෙනවා නම් ඒක ලෙඩක ලකුණක් වෙන්න පුළුවන්. 👇
01. කකුල් ඉදිමෙනවා නම් (Swollen Feet)
නිකන්ම කකුල් ඉදිමෙන්නේ නැහැ. මේක අක්මාව, හෘදය හෝ වකුගඩු වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලේ වල හිමොග්ලොබින් අඩුකම නිසාත් මෙහෙම වෙනවා.
02. නිතරම හිරි වැටෙනවා නම් (Numbness)
වාඩි වෙලා ඉද්දිත් කකුල් හිරි වැටෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ ඇඟට විටමින් B12 හෝ E මදි කියන එකයි.
03. යටි පතුල් දනවා වගේද? (Burning Sensation)
යටි පතුල් පිච්චෙනවා වගේ දැනෙන එක දියවැඩියාවේ (Diabetes) ප්‍රධාන ලක්ෂණයක්. විටමින් B12 අඩු වුණාමත් මේ වගේ දැනෙන්න පුළුවන්.
04. විලුඹ පැලීම (Cracked Heels)
මේක නිකන්ම නෙවෙයි වෙන්නේ. විටමින් A, ඔමේගා 3 හෝ යකඩ අඩුවීම වගේම තයිරොයිඩ් ප්‍රශ්න නිසාත් විලුඹ පැලෙන්න පුළුවන්.
05. වළලුකර වේදනාව (Ankle Pain) 🦴
ඇවිදිනකොට වළලුකර රිදෙනවා නම් ඇඟේ විටමින් D අඩු වෙලා හරි යූරික් ඇසිඩ් මට්ටම වැඩි වෙලා හරි වෙන්න පුළුවන්.
06. මස්පිඩු පෙරලීම (Leg Cramps)
රෑට නිදාගත්තම කකුල් වල මස් පෙරලිලා වේදනා දෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ ඇඟේ සෝඩියම්, පොටෑසියම් වගේ ලවණ අඩු වෙලා.
07. නහර ගැට ගැසීම (Varicose Veins)
හුඟක් වෙලාවට එක දිගට හිටගෙන ඉන්න අයට වගේම අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩුවීම නිසාත් මේක වෙන්න පුළුවන්.
08. කකුල් අයිස් වගේ සීතලද? (Cold Feet)
ඔයාගේ කකුල් හැමතිස්සෙම සීතල වෙලා තියෙනවා නම් ඒක තයිරොයිඩ් ප්‍රශ්නයක් හෝ රුධිර සංසරණය දුර්වල වීමේ ලක්ෂණයක්.
09. තුවාල සුව වෙන්න කල් යනවා නම් (Non-Healing Sores)
කකුලේ පොඩි තුවාලයක් සුව වෙන්න ගොඩක් කල් යනවා නම් ඒක දියවැඩියාව ගැන දෙන ලොකු “රතු එළියක්”. පරිස්සම් වෙන්න!
10. කකුලේ රෝම හැලී යාම (Hair Loss on Feet)
කකුලේ තිබුණ රෝම හිටිහැටියේ හැලී යනවා නම් ඒකෙන් කියවෙන්නේ කකුල් වලට ලේ යන ධමනි වල අවහිරතාවයක් තියෙනවා කියන එකයි.
පුංචි මතක් කිරීමක්: මේ වගේ ලක්ෂණ තියෙනවා නම් ගෙදරට වෙලා ඉන්නේ නැතුව වහාම දොස්තර මහත්තයෙක් හම්බවෙලා උපදෙස් ගන්න. මොකද ලෙඩක් මුලින්ම අඳුරගන්න එක තමයි හොඳම විසඳුම! 💪✨
ඔයා ආදරේ කරන අයව දැනුවත් කරන්න මේ පෝස්ට් එක අනිවාර්යයෙන් Share කරන්න. ඔයාගේ කකුල් දෙකත් මේ වගේ රහස් කියනවා නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා! 👇😊
(උපුටාගැනීමකි)

