SL Media Hub

SL Media Hub - Header

කතරගම දේවාලයේ රත්‍රංවලින් කොටසක් විකුණන්න තීරණය කළ හේතුව

කතරගම දේවාලය භාරයේ ඇති රත්‍රං සංචිතවලින් කොටසක් විකිරීමට තීරණය කළ හේතුව පිළිබඳව අද (05) පෙරවරුවේ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් කතරගම දේවාලයේ බස්නායක නිළමේ තිලිණ මධුසංක මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය.

“කතරගම දේවාලයේ තියෙන රත්‍රං සංචිතය ඊයේ පෙරේදා ආපු ගංවතුරට ඒ රත්‍රං ටිකේ ප්‍රමාණයක් අහුවුණා. ඒ රත්‍රං ප්‍රමාණය අහු වෙනකොට මොනවහරි යම්කිසි හේතුවක් නිසා ඒ රත්‍රං ගංවතුරට ගහගෙන ගියා නම් ඒකට කවුද වග කියන්නේ? ඒක ඒකයි මං තීරණය කරේ. අපි මේ වෙලාවේ රජයත් ලොකු අපහසුතාවයකට පත්වෙන්න පුළුවන් නිසා. රජය මගින් වෙන ව්‍යාපෘති ටිකට උදව් කරන්න තමයි අපි බලාපොරොත්තු වුණේ. එහෙම නැතුව රජයත් එක්ක ඩීල් එකක් ජනාධිපතිවරයා එක්ක ඩීල් එකක්. එහෙම නැහැ. ජනාධිපතිවරයා අඩු ම ගානේ මගෙන් ඉල්ලීමක් කරලා නැහැ. මේකෙන් උදව් උපකාර කරන්න කියලා.” 

“රත්‍රං ටික හරි විදියට අලෙවි කරනවා මම ඒකෙ වගකීම සීයට සීයම ගන්නවා. මේ රත්‍රංවල අඩු මුදලකට විකිණෙන්න දෙන්නේ නැහැ. සීයට සීයක්ම හරි මිලකට තමයි විකුණන්නේ. ඒක මම සමාජ ජාල ඔස්සේ දැනුවත් කිරීමක් කරනවා. විකුණන මිල, විකුණනවා නම්, බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාගේ අනුමැතිය ඇතුව විකුණනවා නම්, ඒක සීයට සීයක් විනිවිදභාවයකින්ම කරන්න මම බලාපොරොත්තු වෙනවා. කිසි විදියකට වංචාවක් කිරීමට මා බලාපොරොත්තු වෙන්නෑ. කවුරුහරි කියනවා නම් යම්කිසි විදියකට මම දේවාලයේ දේවල් ගන්න හදනවා කියලා. මම අවුරුදු හතරෙම මට හම්බෙන භාරකාර දීමනාවත්, කිසිම භාරකාර මහන්සියවත් මම දැනට විෂ්ණු දේවාලයෙන් අරන් නෑ. මම කතරගම දේවාලයෙන් ගන්නෙත් නැහැ.”

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top