ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ සිව්නම සහ අනෙක් සැකකරුවන් හයදෙනා ජනවාරි 28 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.
වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකර බුදු පිළිමයක් තැන්පත් කළ බවට වෙරළ සංරක්ෂණ පනත යටතේ එම සැකකරුවන්ට චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා ඉවත් කිරීමට නීතිපතිවරයා සහ ත්‍රිකුණාමලය වරාය පොලීසිය එකඟ නොවීම හේතුවෙන් මෙම නියෝගය ලබා දී ඇත.
SOURCE: sinhala.adaderana.lk

