SL Media Hub

SL Media Hub - Header

කොදෙව්වන්ට පහසු ජයක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (11) රාත්‍රියේ පැවති ‘C’ කාණ්ඩයේ තරගයෙන් එංගලන්තය ලකුණු 30කින් පරාජය කිරීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත්විය. තරගය මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කොදෙව්වන් ලබාදුන් ලකුණු 197ක ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තයට පන්දුවාර 19ක් තුළ සියලුදෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 166ක් පමණි.

මෙම ජයත් සමඟ ‘C’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැකගැනීමට කොදෙව්වන්ට හැකිවිය.

දෙරට අතර අද පැවතියේ 40වැනි විස්සයි20 ජාත්‍යන්තර තරගය වන අතර, දෙපාර්ශවයම තරග 19 බැගින් ජයගෙන තිබේ. එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වී ඇත.

එමෙන්ම, හැරී බෲක්ගේ නායකත්වය යටතේ එංගලන්තය පන්දුවාර 20 සම්පූර්ණ වූ විස්සයි20 තරගයක පරාජය වූ පළමු අවස්ථාව මෙය වේ.

SOURCE : SINHALA.ADADERANA.LK

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top