SL Media Hub

SL Media Hub - Header

කොදෙව්වන්ට ලකුණු 35ක ජයක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමඟ පැවැති තරගයෙන් ලකුණු 35ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 182ක් රැස් කළේය.

එහිදී ශිම්රොන් හේට්මයර් ලකුණු 64ක් ලබාගනිමින් ඉනිමට ශක්තියක් එක් කළ අතර, බ්‍රැන්ඩන් කිංග් ලකුණු 35ක් රැස් කළේය.
ස්කොට්ලන්ත පන්දුයැවීමේදී බ්‍රැඩ් කරී කඩුලු දෙකක් දවාගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ලෙස ලකුණු 183ක ඉලක්කයක් හඹා ගිය ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3කදී සියලුදෙනා දැවී ලකුණු 147ක් පමණක් ලබාගත්හ.

ස්කොට්ලන්ත පිල වෙනුවෙන් රිචී බ්‍රින්ටන් ලකුණු 42ක් සහ ටොම් බෘෘස් ලකුණු 35ක් රැස් කළහ.

බටහිර ඉන්දිය කොදෙව් පන්දුයැවීමේදී රොමාරියෝ ෂෙෆර්ඩ් කඩුලු 5ක් දවාගනිමින් විශිෂ්ට පන්දුයැවීමක් ප්‍රදර්ශනය කළේය.
ඒ අතර 17 වන පන්දුවාරයේදී ඔහු කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමට සමත්වීම විශේෂත්වයක් විය.

මෙම කඩුලු ත්‍රිත්වය මෙම ලෝක කුසලාන තරගාවලියේ වාර්තා වූ පළමු අවස්ථාව ලෙසද ඉතිහාසයට එක්විය.

SOURCE : SINHALA.ADADERANA.LK

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top