SL Media Hub

SL Media Hub - Header

ග්‍රීන්ලන්තයට මාන බැලූ ට්‍රම්ප් සැර බාල කර යුරෝපයේ දී කියපු කතාව

ග්‍රීන්ලන්තය ආරක්ෂා කළ හැක්කේ අමෙරිකාවට පමණක් බවත්, අමෙරිකානුවන් වසර 200කට ආසන්න කාලයක සිට ග්‍රීන්ලන්තය ලබාගැනීමට උත්සාහ කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සංසදය (World Economic Forum) සඳහා අද (21) එක්වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.

ග්‍රීන්ලන්තය විශාල ලෙසින් ජනාවාස නොවූ නොදියුණු රටක් බවත්, ඊට නිසි ආරක්ෂාවක් නොමැතිව තිබෙන බවත් ඔහු පවසයි.

ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසන්නේ, ග්‍රීන්ලන්තයේ ඛනිජ සම්පත් නොමැති බවය. ඒ නිසා ඊට අවශ්‍ය වන්නේ උපායමාර්ගික ජාතික සහ ජාත්‍යන්තර ආරක්ෂාවක් බවය.

එමෙන්ම ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයට අයත් බවට කිසිදු සලකුණක් නොමැති බවත්, ඩෙන්මාර්කය ග්‍රීන්ලන්තයේ සංවර්ධනය උදෙසා වෙන්කරන්නේ අඩු මුදලක් බවටත් ට්‍රම්ප් ජනාධිපතිවරයා චෝදනා කරයි.

“මෙම යෝධ භූමිය, මෙම යෝධ අයිස් කුට්ටිය ආරක්ෂා කිරීමට, සංවර්ධනය කිරීමට සහ වැඩිදියුණු කිරීමට හැක්කේ එක්සත් ජනපදයට පමණයි” ඔහු පවසයි.

එනිසා ඔහු පවසන්නේ රට අත්පත් කර ගැනීම සඳහා ‘ක්ෂණික සාකච්ඡා’ සොයන බවය.

ග්‍රීන්ලන්තය අත්පත්කරගැනීමට සඳහා යුරෝපා රටවල් තමන් සහයෝගය ලබාදෙන ලෙස පවසන් ට්‍රම්ප්, මෙහිදී අවධාරණය කර ඇත්තේ අමෙරිකාව විනාශ වුවහොත් මුලු ලොවම විනාශ වනු ඇති බවය.

උපූටා ගැනීම – Ada derana

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top