SL Media Hub

SL Media Hub - Header

ගාල්ල බන්ධනාගාරයෙන් අයිතිකරුවන් නොමැති දුරකථන හා සිම්පත්

ගාල්ල බන්ධනාගාරය තුළ A, B සහ C, D සිරමැදිරිවල ඊයේ (3) සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී අයිතිකරුවන් නොහඳුනාගත් ජංගම දුරකථන, සිම්පත් සහ මත්ද්‍රව්‍ය රැසක් සොයාගෙන තිබේ.

මෙම මෙහෙයුමේදී ජංගම දුරකථන 19ක් සහ සිම්පත් 11ක් බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන ඇත.

එයට අමතරව හෙරොයින් බවට සැක කළ හැකි කුඩා පැකට් 58ක් (බර ග්‍රෑම් 4.384ක්) සහ තවත් එක් පැකට්ටුවක් (ග්‍රෑම් 106.350ක්) ද සොයාගෙන තිබෙන බව සඳහන් වේ.

අත්පත් කරගත් දේපොළ බන්ධනාගාර අධිකාරීවරයා භාරයට ගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය ගාල්ල පොලිස් ස්ථානය වෙත භාරදීමට ද පියවර ගෙන ඇත.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top