පෙර පරිච්ඡේදයේ දී සඳහන් කළ පරිදි දේශීය ස්ටොක් මිලදී ගැනීමේ සහ විකීමේ ක්‍රියාවලිය කෙටියෙන් පැහැදිලි කරන්නම්.
පැහැදිලි චිත්‍රයක් ලබා ගැනීමට මගේ පෙර පරිච්ඡේද වලින් පැහැදිලි කළ කරුණු නිතරම මතක තබා ගන්න.
දේශීය ස්ටොක් වෙළඳපොළට ඇතුළු වීමට කෙනෙකුට දේශීය ස්ටොක් බ්‍රෝකර් සමාගමක් සම්බන්ධ කර ගත යුතුය.
ඔවුන් ස්ටොක් මිලදී ගැනීමට ස්ටොක් වෙළඳපොළට ව්‍යාපාරිකයාගේ ආයෝජනය දැමීමට පහසුකම් සපයයි.
ව්‍යාපාරිකයා දේශීය රජයේ දේශීය ස්ටොක් වෙළඳපොළ හැසිරවීමේ බලධාරීන් විසින් දී ඇති නීති සහ රෙගුලාසි යටතේ බ්‍රෝකර් සමාගමේ ගිණුමක් විවෘත කළ යුතුය.
අද වන විට මෙම ගිණුම් අන්තර්ජාලය හරහා විවෘත වන අතර දේශීය මුදල් ඒ ගිණුමට තැන්පත් කළ හැකිය.
ස්ටොක් වෙළඳපොළට සම්බන්ධ මෙම බ්‍රෝකර් ගිණුම් අන්තර්ජාල වේදිකා හරහා විවෘත වේ.
ගනුදෙනු බාධාවකින් තොරව සිදුවන පරිදි ක්‍රියාත්මක වන හුවමාරු ලෙස ඒවා ක්‍රියාත්මක වේ.
ගිණුමට ලොග් වූ පසු, පවතින ස්ටොක් ලිස්ට් දැක ගත හැකි අතර, ව්‍යාපාරිකයාට අවශ්‍ය ස්ටොක් වර්ග සහ කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද යන්න තෝරා ගත හැකිය.
ඉන්පසු ගිණුමේ ඇති මුදලින්, ස්ටොක් මිලදී ගැනීමට ගෙවන මුදල, ගිණුමෙන් අඩු කරනු ලබන අතර, අදාළ ස්ටොක් වටිනාකයන් සමඟ ගිණුමේ පෙන්වයි.
ස්ටොක් වෙළඳපොළේ අස්ථාවරත්වය අනුව මිල වෙනස්වීම් සහ ගිණුම් ශේෂය වෙනස්වීම් ගිණුම් පුවරුව හරහා නිරීක්ෂණය කළ හැකිය.
ඔවුන් මිලදී ගත් වටිනාකමෙන් ස්ටොක් වටිනාකම ඉහළට ගමන් කරන විට, එය විකුණා ආදායමක් ලබා ගත හැකිය.
ඉන්පසු විකුණන ලද ස්ටොක් මුදල ගිණුමෙන් අඩු කර මුදල් ගිණුමට එවෙයි.
ගනුදෙනු කිරීමෙන් පසු ගිණුම් ශේෂයේ වර්ධනය ලාභය වේ.
මෙහිදී, ප්‍රධාන දෙය වන්නේ ස්ටොක් වටිනාකම්වල නිර්ණායකයන් වෙනස්වීම් නිවැරදිව පුරෝකතනය කිරීමේ හැකියාවයි.
ගනුදෙනු කරන අය වෙළඳපොළ විශ්ලේෂණය කර වෙළඳපොළට නිවැරදි ඇතුළත් කිරීම් ලබා ගත යුතුය.
අඩුවෙන් මිලදී ගෙන වැඩියෙන් විකුණන්න
මෙම ගනුදෙනු ස්පොට් ට්‍රේඩිං ලෙස හැඳින්වේ.
ඒවා සැබවින්ම මිලදී ගෙන ගිණුමේ සුරක්ෂිත කර ඇති නිසා,
ස්ටොක් වල මිල ඉහළ ගියහොත්, වැඩිවූ මුදල් ප්‍රමාණය ලායම වේ.
මීට අමතරව, ව්‍යාපාරිකයා අදාළ ස්ටොක් එම ස්ටොක් වෙළඳ ගිණුමේ අඛණ්ඩව වසරක් තබා ගන්නේ නම්, සමාගමේ පිරිවැටුම් ප්‍රතිශතය වටිනාකමෙන් එක් එක් ස්ටොක් වලට අදාළ වන අතර එය ඩෙවිඩන්ස් ( ලාභාංශ ) ලෙස හැඳින්වේ,
දිවිඩෙන්ස් වාර්ෂිකව වෙළඳ ගිණුමට එකතු වේ.
දේශීය ස්ටොක් වෙළඳපොළවල ලාභ ආදායම් වර්ග 2ක් ඇත
- ස්පොට් ට්‍රේඩිං
- ඩෙවිඩන්ස්
දැන් අපට දේශීය ස්ටොක් වෙළඳපොළවල් පිළිබඳ අදහසක් ඇත.
ට්‍රේඩ් කිරීමට යොමු නොවී ඉහළ ඩෙවිඩන්ස් ගෙවන සමාගම් හදුනාගෙන ඒ සමාගම්වල කොටස් කාලයක් තිස්සේ අඛණ්ඩව රැස් කිරීමද සාර්ථක ආයෝජන වර්ධන ක්රමයකි.
ඊළග පරිච්ඡේදයෙන් ගෝලීය ස්ටොක් වෙළඳපොළවල් පිළිබඳව පැහැදිලි කරන්නම්.
ඒ ඇමරිකානු ස්ටොක් වෙළඳපොළ.
වඩාත් ආකර්ශනීය ස්ටොක් වෙළඳපොළ සහ එහිදී ඉහළම වර්ධනය වාර්තා වේ.
මෙම ලිපි මාගේ Life Page එකේ Trading Wizard ඇල්බමයෙන් ද කියවිය හැක.
මේ එහි මෙම ලිපියට අදාළ මුල් පෝස්ටුවයි.

