ජංගම දුරකථනවලට අධික ලෙස ඇබ්බැහිවීම හේතුවෙන් නව යොවුන් වියේ ළමුන් අතර මානසික රෝගී තත්ත්වයන් ඉහළ යමින් පවතින බව මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය සේනානි විජේතුංග මහත්මිය පවසයි.
කොවිඩ් සමයේ Online අධ්‍යාපනය හරහා දුරකථන භාවිතය වැඩිවීම මේ තත්ත්වයට හේතුවක් වී ඇති බව ඇය සඳහන් කළ අතර, අවුරුදු 13–18 වයස් කාණ්ඩයේ දරුවන් විශාල පිරිසක් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු වෙමින් සිටින බවද පැවසීය.
SOURCE : sinhala.adaderana.lk

