හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ජනවාරි (5) දිනය තුළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙසත්, නොපැමිණියහොත් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තුවක් ලබාගන්නා බවත් පොලීසියෙන් දැනුම්දීමක් කර තිබේ.
සතොසට අයත් ලොරි රථයක් අවභාවි කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.
මේ අතර ඒ මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයේ ප්‍රවාහන කළමනාකරු ලෙස සේවය කළ ඉන්දික රත්නමලල මහතා අද (4) අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.
සතොස ආයතනයේ ලොරි රථයක් හිටපු ඇමතිවරයාට අයත් බව කියන එතනෝල් සමාගමක රාජකාරි සඳහා යෙදවීමට ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දුට කූඨ ලේඛන සකස්කර දුන් බවට එල්ලවූ චෝදනාව මත ඔහු එළෙස රක්ෂිත බන්ධනාගාරව ඇත.

