ඉහළ යන ජීවන වියදමට එරෙහිව ඉරානයේ පැවැත්වෙන විරෝධතා සම්බන්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානයට යොමුව තිබේ.
සිය Truth Social ගිණුමේ අමෙරිකානු ජනාධිපතිවරයා සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ඉරානය සාමකාමී විරෝධතාකරුවන්ට වෙඩි තබා ඝාතනය කළ හොත් ඊට එරෙහිව අමෙරිකාව මැදිහත් වීමට සූදානම් බවය.
ජීවන වියදම් ඉහළ යාම හේතුවෙන් ඉරානයේ පැවැත්වෙන විරෝධතා මේ වන විට අයහපත් මට්ටමකට පත්ව ඇති අතර පසුගිය බ්‍රහස්පතින්දා වන විට විරෝධතාවලින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබුණි.
එමෙන්ම පවතින විරෝධතා මැද විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතරද ගැටුම් ඇතිව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තහී සඳහන්ව ඇත.
විවෘත වෙළෙඳපොළ තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉරාන මුදල් ඒකකය වන රියාල් හී අගය තවත් තියුණු ලෙස පහත වැටීමත් සමග ඉරානයේ විරෝධතා ආරම්භ විය.
පසුව මෙම විරෝධතා සඳහා ඉරාන විශ්වවිද්‍යාල සිසුන් ඊට සම්බන්ධ වූ අතර පසුව බොහෝ ජනතාවක් මේ සඳහා එක්ව කමේනිගේ පාලනය අවසන් කරන ලෙස ඉල්ලා සිටියේය. එමෙන්ම විරෝධතාකරුවන්ගෙන් ඇතැමුන් ඉල්ලා ඇත්තේ ඉරානය තුළ රාජාණ්ඩුව නැවත ලබා ගැනීමට අවශ්‍ය වී ඇති බවත්ය

