දෛනිකව මෙරට නව පිළිකා රෝගීන් 100ක් වාර්තා වන අතර දිනකට රෝගීන් 40කට පමණ ජීවිත අහිමිවන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය. පිළිකා කලින් හඳුනාගැනීමේ නව මධ්‍යස්ථානයක් කොළඹ ජාතික රෝහලේ විවෘත කර ඇති අතර, මෙවැනි මධ්‍යස්ථාන ඉදිරියේදී සියලු දිස්ත්‍රික්ක ආවරණය වන ලෙස ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. මෙරට දිනකට කාන්තාවන් 15 දෙනෙක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත්, කලින් පරීක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
SOURCE : SINHALA.ADADERANA.LK

