SL Media Hub

SL Media Hub - Header

නවතම කාලගුණ තොරතුරු – අවදානම් සහිත ප්‍රදේශ පවතී

ඊයේ රාත්‍රී 11.30 නිකුත් කළ නිවේදනය

ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

ඒ හේතුවෙන් ලබන 8 වැනිදා සිට දිවයිනේ උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම යන පළාත්වල වැසි තත්ත්වයේ තවදුරටත් වැඩිවීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුන සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

එම පූර්ව අනතුරු ඇඟවීම ඊයේ රාත්‍රී 10 සිට අද රාත්‍රී 10 දක්වා සඳහා වලංගු වනවා.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර
, මාතලේ දිස්ත්‍රික්කයේ ⁠විල්ගමුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ⁠වලපනේ ප්‍රෙද්ශ සඳහා විමසිලිමත් වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.


අද උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනය

නැගෙනහිර, මධ්‍යම, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති වෙන අතර, ඌව පළාතෙත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top