විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අද (27) රාත්‍රියේ අවසන් වූ තරගයෙන් එංගලන්ත කණ්ඩායම නවසීලන්තයට එරෙහිව කඩුලු 4ක ජයග්‍රහණයට සමත් විය.
R. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ නවසීලන්ත කණ්ඩායම විසින් දී තිබූ 160ක ඉලක්කය, අවසන් පන්දුවාරයේදී (19.3) පන්දු 3ක් ඉතිරිව තිබියදී එංගලන්තය විසින් ඉක්මවා ගියහ.
මෙම තරගයෙන් නවසීලන්ත ජයග්‍රහණය ලබාදී තිබුණා නම්, ශ්‍රී ලංකාවට එරෙහිව හෙට (28) පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය හෝ පාකිස්තානයට අවසන් පූර්ව වටයේ තැන අහිමි වීමට සිදු වුනේය.
ඒ අනුව, පාකිස්තානයට තවමත් අවසන් පූර්ව වටය විවෘතව තිබේ. හෙට ශ්‍රී ලංකාව ලකුණු 64කින් හෝ පන්දුවාර 13.1ට අඩුවෙන් ඉලක්කය සම්පූර්ණ කළහොත්, පාකිස්තානයට අවසන් පූර්ව වටයේ ස්ථානය වෙන්කරගත හැකිවනු ඇත.
sinhala.adaderana.lk

