SL Media Hub

SL Media Hub - Header

නසාර් හුසේන්ගෙන් අනාවැකියක්

මෙවර විස්සයි20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට දක්ෂතා දැක්වීමට හැකි බව එංගලන්ත හිටපු නායක නසාර් හුසේන් පවසයි.

ICC සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාව නව දක්ෂ ක්‍රීඩකයින් බිහිකිරීමේ ශක්තිමත් පද්ධතියක් ඇති රටක් වන අතර මෙම කණ්ඩායමට මේ වසරේ සාර්ථක වීමට හොඳ අවස්ථාවක් තිබෙන බවය.

මේ අතර ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් එක්දින තරගය හෙට (27) කොළඹදී පැවැත්වෙන අතර, වනිඳු හසරංග සහ ජෙෆ්රි වැන්ඩර්සේ දෙදෙනාම තරගයට එක්වන බව නායක චරිත් අසලංක තහවුරු කළේය.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top