ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති Wiebe de Boer සහ කම්කරු අමාත්‍ය/මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (24) මුදල් අමාත්‍යාංශයේ විශේෂ හමුවක් පැවැත්වූහ.
මෙම හමුවේදී දෙරට අතර ආර්ථික සහයෝගීතාවය, ආයෝජන අවස්ථා සහ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා සිදු කරන ලදී. විශේෂයෙන් ග්‍රාමීය මාර්ග, පාලම් හා බෝක්කු පිළිසකර කිරීම සඳහා සහය ලබාදීම පිළිබඳ අවධානය යොමු විය.
ඊට අමතරව ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ කරුණු හුවමාරු කරන අතර, නෙදර්ලන්ත පාර්ශවය ඉදිරියටත් ශක්තිමත් සහයෝගයක් ලබාදීමට කැමැත්ත පළ කළේය.
SOURCE:SINHALA.ADADERANA.LK

