SL Media Hub

SL Media Hub - Header

පසුගිය වසරේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට 10,000 ට වැඩි පැමිණිලි

පසුගිය 2025 වසර තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 කෙටි දුරකථන අංකයට ඇමතුම් 10,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇතැයි එම අධිකාරිය පවසයි.

එම අධිකාරිය පැවසුවේ ඒ අනුව පසුගිය වසර තුළ ඇමතුම් 10,616ක් ලැබී ඇති බවය.

එම පැමිණිලි 5,026ක් වැටලීම් හා විමර්ශන සිදුකළ යුතු පැමිණිලි වූ බවත් ඒවා සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා අදාළ දිස්ත්‍රික් කාර්යාල වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගත් බවත් එම අධිකාරිය සඳහන් කළේය.

පසුගිය වසරේ දෙසැම්බර් 31 වන විට එම පැමිණිලි අතුරින් 3,844ක් සම්බන්ධ වැටලීම් හා විමර්ශන කටයුතු සාර්ථකව අවසන් කිරීමට අධිකාරියේ විමර්ශන නිලධාරීන් සමත් වී ඇති බවත් එය ප්‍රතිශතයක් ලෙස 76%ක ඉහළ කාර්ය සාධන මට්ටමක් වන බවත් සඳහන් කළ එම අධිකාරිය පැවසුවේ ඉතිරි පැමිණිලි සම්බන්ධ විමර්ශන කටයුතු මෙම මස අවසන් වීමට පෙර නිමා කිරීමටද සැලසුම් කර ඇති බවය.

මීට අමතරව 1977 අංකය වෙත ලැබුණු සෙසු ඇමතුම් 5,590 අතරට දැනුවත් වීම් සඳහා සිදුකරන ලද විමසීම්, පාරිභෝගිකයින්ට සිදුවන අසාධාරණකම් සඳහා පුද්ගලික සහන ලබා ගැනීමට පැමිණිලි කළ යුතු ආකාරය සම්බන්ධ විමසීම්, අධිකාරියේ කාර්යභාරය පිළිබඳව තොරතුරු විමසීම්, වෙනත් ආයතනවලට අදාළ විමසීම් මෙන්ම විෂය පඨයට අදාළ නොවන පැමිණිලිද ඇතුළත් වන බවත් එම අධිකාරිය සඳහන් කළේය.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top