SL Media Hub

SL Media Hub - Header

පසුගිය වසරේ මෙහෙයුම්වලින් මිලියන 75,000 ක මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 376 දෙනෙකු නාවික හමුදාව භාරයට.

මෙරට වෙරළ ප්‍රදේශ හා මුහුදු කලාපය ආවරණය වන පරිදි පසුගිය වසරේ සිදුකළ මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 75,000ක මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 376 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන ඇත.

රුපියල් මිලියන 25,206 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 1050ක් සහ රුපියල් මිලියන 47,725.00 කට අධික  වටිනාකමකින් යුත් අයිස් කිලෝග්‍රෑම් 2982 ක්, දේශීය යාත්‍රා 11 ක් හා සැකකරුවන්169 දෙනෙකු සමග අත් අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පැවසුවේ ය.

රුපියල් මිලියන 1297ක වටිනාකමකින් යුත් විදේශීය කංසා  කිලෝග්‍රෑම් 5768 ක් සැකකරුවන් 73 දෙනෙකු හා යාත්‍රා 19 ක් එම මෙහෙයුම්වලදී අත් අඩංගුවට ගෙන තිබේ.

රුපියල් මිලියන 19 කට අධික වටිනාකමකින් යුත් දේශීය කංසා කිලෝග්‍රෑම් 257ක්ද සැකකරුවන් 11 දෙනෙකු අත්අඩගුවට ගෙන ඇති බවය.

රුපියල් මිලියන 168ක මත්පෙති 16,83,722 ක් සැකකරුවන් 16 දෙනෙකු යාත්‍රා 04 ක් සමගද , රුපියල් මිලියන 100 ක හසීෂ්  කිලෝග්‍රෑම් 33 ක්  සැකකරුවන් 07 දෙනෙකු සමගද රුපියල් මිලියන 42 ක වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි 420385 ක් සැකකරුවන් 36 දෙනෙකු හා යාත්‍රා තුනක් සමග නාවික හමුදාව සිදුකල මෙහෙයුම් මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ නීති විරෝධී‍ ලෙස රටතුලට රැගෙන ඒමට උත්සහ කල රුපියල් මිලියන 470 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් බීඩි කොල කිලෝග්‍රෑම් 67200 ක්, සැකකරුවන් 64 දෙනෙකු හා යාත්‍රා 64 සමග අත් අඩංගුවට නෙ ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමුකර ඇති බවය.

මත්ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර මුදා ගැනීම ​සඳහා ක්‍රියාවට නංවා ඇති ‘රටම එකට’ ජාතික මෙහෙයුමට  ශ්‍රී ලංකා නාවික හමුදාව සුවිශේෂී දායකත්වයක් දක්වනු ලබයි.

දේශීය හා විදේශීය සමුද්‍රීය පාර්ශවකරුවන් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සමඟ එක්ව දිවයිනේ වෙරළ ප්‍රදේශ හා මුහුදු කලාපය ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කර ඇති බව නාවික හමුදාව පැවසුවේ ය.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top