විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කෙරුණු ප්‍රථම තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානය (23) වවුනියාව විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී විවෘත කෙරුණි.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රධානත්වය දැරීය.
උතුරු පළාත තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම, නව නිපැයුම් හා පර්යේෂණ දිරිගැන්වීම, නවෝත්පාදන වාණිජකරණය සහ ආරම්භක ව්‍යාපාර සංවර්ධනය කිරීම මෙම මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණු ලෙස සලකයි.
මුල් අදියරේදී රාජ්‍ය විශ්වවිද්‍යාල ආශ්‍රිතව මෙවැනි මධ්‍යස්ථාන ස්ථාපිත කරන අතර, ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථාන 24ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් වේ.
SOURCE : sinhala.adaderana.lk

