SL Media Hub

SL Media Hub - Header

ප්‍රදේශ කිහිපයක ඇණහිට තිබූ විදුලිය සැපයුම යථා තත්ත්වයට 

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට  ඇණහිට තිබූ  විදුලි  සැපයුම  මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

නවලක්ෂපාන හා පොල්පිටිය විදුලි සම්ප්‍රේෂණ රැහැන්වල ඇති වූ හදිසි ඇණහිටීමක් හේතුවෙන් අද (15) පස්වරුවේ නුවරඑළිය, මොනරාගල, බදුල්ල සහ පැරණි ලක්ෂපාන යන උපපොළවල විදුලිය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබිණි.

මේ හේතුවෙන් අදාළ උපපොළ මගින් විදුලිය සැපයෙන ප්‍රදේශවල හදිසි විදුලි බිඳවැටීමක් සිදු වූ බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.

එමෙන්ම (15) පස්වරුවේ හම්බන්තොට සහ ඇඹිලිපිටියට විදුලිය සැපයෙන ප්‍රධාන විදුලි රැහැන් පද්ධතියේ ද හදිසි දෝෂයක් හටගෙන තිබිණි.

මේ හේතුවෙන් ඇඹිලිපිටිය, බෙලිඅත්ත, බලංගොඩ, දෙනියාය, ගාල්ල, මාතර සහ අම්බලන්ගොඩ උපපොළවලට සැපයෙන විදුලිය ඇනහිටීමක් සිදුව ඇත. 

ඒ සමඟම මෙම උපපොළ මගින් විදුලිය බෙදාහරින ප්‍රදේශවලට විදුලිය ඇණහිටීමක් සිදුව ඇති බව සඳහන් විය. 

කෙසේ වෙතත් මේ වනවිට විදුලිය ඇණහිට තිබූ සියලු ප්‍රදේශවලට විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල  මණ්ඩලය සඳහන් කළේය.

SOURCE: sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top