ශ්‍රී ලංකාවේ පැවැත්වෙන T20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (05) සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
පාකිස්තාන කණ්ඩායම අද සවස 5.15 ට පාකිස්තානයේ ලාහෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 154 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව කටුනායක ගුවන් තොටුපොළ තුළ උත්සවයක් සංවිධානය කර තිබුණි.

