SL Media Hub

SL Media Hub - Header

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩතහනම

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ චමින්ද කුලරත්න මහතාගේ වැඩතහනම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට පටහැනි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ දැඩි අවධානය යොමු කරන බවත් ඔහු සිය X සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රකාශ කර ඇත.

කිසිදු දණ්ඩනයක් ලබාදීමට පෙර අදාළ පාර්ශවයෙන් කරුණු විමසීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත.

එම ක්‍රියාමාර්ගය නොඅනුගමනය කිරීම හරහා පෞද්ගලික අරමුණු හෝ පළිගැනීමක් පිළිබඳ සැකයක් ඇතිවීම සාමාන්‍ය බවත්, එවැනි ක්‍රියාමාර්ග රටට භයානක තත්ත්වයක් බවට පත්විය හැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top