පාසල්වල සේවය කර අත්දැකීම් ලබා ඇති උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් කර ගැනීම රජයේ අරමුණ බව අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ඒ අනුව ගුරු ව්‍යවස්ථාවට අනුව විභාගයට පෙනී සිටින ලෙස පාසල් සංවර්ධන නිලධාරීන්ට ජනාධිපතිවරයා ආරාධනා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති කාර්යාලයේදී අද (03) පැවති සාකච්ඡාවකදී මෙම ගැටලුව පිළිබඳ දීර්ඝව අවධානය යොමු කළ අතර, නිලධාරීන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීම රජයේ අරමුණ බවද සඳහන් විය.
SOURCE : sinhala.adaderana.lk

