කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අයත් පොලිස් නිලධාරීන් හයදෙනා හෙට (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
සැකකාර නිලධාරීන් අද (25) පස්වරුවේ ගම්පහ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ගම්පහ මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.
කොටදෙණියාව ප්රදේශයේ පදිංචි මිලාන් ප්රියදර්ශන නමැති කතෝලික පියතුමෙක්, දේවමෙහෙයකට සහභාගී වීමට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ගම්පහ උඩුගම්පොළ ප්රදේශයේදී පොලිස් කණ්ඩායමක් විසින් පහර දුන් බව පවසමින් ඊයේ (24) මීගමුව දිස්ත්රික් මහරෝහලට ඇතුළත් වී තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විමර්ශන අංශයේ සංග්රාමික යතුරුපැදි කණ්ඩායමට අයත් පොලිස් සැරයන්වරු තිදෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරු තිදෙනෙකි.
SOURCE : sinhala.adaderana.lk

