SL Media Hub

SL Media Hub - Header

පීඩන අවපාතය හෙට ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන අවපාතය ප.ව. 4.00 පමණ වන විට විට පොතුවිල් සිට කිලෝමීටර් 230ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නිරිතදිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (09) දින පස්වරු 5.30 සිට රාත්‍රී 11.30 දක්වා කාලය තුළ හම්බන්තොට සහ මඩකලපුව අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

එහි බලපෑම හේතුවෙන් අද (08) දින සිට දිවයිනේ, විශේෂයෙන් උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර අද (08) දින සිට නැවත දැනුම් දෙනතුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top