SL Media Hub

SL Media Hub - Header

පෞද්ගලික අංශයට සහ අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ?

පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශ සේවකයින්ට විශ්‍රාම වැටුපක් ලබාදීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, EPF සහ ETF අරමුදල් අතර පවතින වෙනස පිළිබඳව තම ප්‍රකාශය කිසියම් ලෙස වැරදි අර්ථකථනයකට ලක්ව ඇති බවයි.

EPF අරමුදල විශ්‍රාම වැටුපක් බවට පරිවර්තනය කරන බවක් තමන් කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, EPF අරමුදල සමාජ ආරක්ෂණය සඳහා පවතින අරමුදලක් බව පැහැදිලි කළේය.

එමෙන්ම EPF අරමුදල වෙනස් කිරීමක් නොව, පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශ සේවකයින්ට වෙනම විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම පිළිබඳව රජය අවධානය යොමු කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top