එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කර ඒ වෙනුවට ස්කොට්ලන්තය ඇතුළත් කිරීමට ICCය ගත් තීරණය අභියෝග කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය කිසිදු අදහසක් නොමැති බව වාර්තා වේ.
(24) ඩකාහි පැවති රැස්වීමකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ මාධ්‍ය කමිටු සභාපති අම්සාඩ් හොසේන් මේ බව ප්‍රකාශ කර ඇත.
ICC තීරණයට එරෙහිව ආරවුල් විසඳීමේ කමිටුව වෙත යන බවට පැතිර ගිය වාර්තාවලට පිළිතුරු ලෙස ඔහු සඳහන් කළේ, එවැනි කිසිදු නීතිමය හෝ බේරුම්කරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට මණ්ඩලයට අවශ්‍යතාවක් නොමැති බවයි.
එමෙන්ම ICCය තම තරග ශ්‍රී ලංකාවට මාරු නොකරන බව දන්වා ඇති බැවින්, මේ අවස්ථාවේදී ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට නොහැකි බවත්, ICC තීරණය පිළිගෙන තම ස්ථාවරයේම පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
SOURCE : sinhala.adaderana.lk

