විස්සයි20 ලෝක කුසලාන ක්‍රීඩාංගණ ගැටලුව සම්බන්ධයෙන් International Cricket Council (ICC) දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව Bangladesh Cricket Board චෝදනා කරයි.
ඩකාහි (22) පැවති මාධ්‍ය හමුවකදී බංග්ලාදේශ ක්‍රිකට් සභාපති Aminul Islam මහතා සඳහන් කළේ, 2025 චැම්පියන්ස් කුසලාන තරග පාකිස්තානයේ පැවැත්වීමට ඉන්දියාව අකමැති වූ අවස්ථාවේදී, එම තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මාරු කිරීමට ICC එකඟ වූ බවයි.
කෙසේ වෙතත්, එළැඹෙන T20 ලෝක කුසලානයේදී බංග්ලාදේශයට අදාළ තරග පමණක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට මාරු කරන ලෙස කළ ඉල්ලීම ICC විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු පැවසීය.
එමෙන්ම, චැම්පියන්ස් කුසලානයේදී ඉන්දියාවට ඩුබායිහි එකම ක්‍රීඩාංගණයක සියලු තරග ක්‍රීඩා කිරීමට විශේෂ වරප්‍රසාදයක් ලබාදී ඇති බවද ඔහු චෝදනා කළ අතර, ඒ හේතුවෙන් ICCය ද්විත්ව ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා අවධාරණය කළේය.
SOURCE : sinhala.adaderana.lk

