ලිබියාවේ වෙරළ ආසන්න මුහුදේදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
මෙම අනතුරෙන් කාන්තාවන් දෙදෙනෙකු පමණක් දිවි ගලවා ගැනීමට හැකි වූ බව සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) සඳහන් කරයි.
දිවි ගලවා ගත් නයිජීරියානු කාන්තාවන් දෙදෙනාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර, එක් කාන්තාවක් තම සැමියා මෙම අනතුරින් අහිමි වූ බවත්, අනෙක් කාන්තාව තම ළදරුවන් දෙදෙනා අහිමි වූ බවත් ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.
අදාළ යාත්‍රාවෙන් අප්‍රිකානු ජාතික සංක්‍රමණිකයන් රැගෙන යමින් සිට ඇති බව IOM වැඩිදුරටත් පවසයි.
මෙම වසරේ ජනවාරි මාසයේදී පමණක් මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී අවම වශයෙන් සංක්‍රමණිකයන් 375 දෙනෙකු මියගොස් හෝ අතුරුදහන් වී ඇති බවද එම සංවිධානය අවධාරණය කරයි.
තවද මෙවැනි අනතුරු රැසක් වාර්තා වී ඇති නමුත් ඒවා සම්බන්ධයෙන් නිල දත්ත නොමැති බවද සඳහන් වේ.
SOURCE : SINHALA.ADADERANA.LK

