කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව Criminal Investigation Department මගින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට නියෝගයක් ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම Supreme Court of Sri Lanka වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.
පෙත්සම (19) එස්. තුරෙයි රාජා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බව CID විසින් දැනුම් දී ඇති බව පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව පෙත්සම පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බව සඳහන් කර එය ඉල්ලා අස්කර ගැනීමට කළ ඉල්ලීම විනිසුරු මඩුල්ල විසින් පිළිගනු ලැබීය.
SOURCE: sinhala.adaderana.lk

