SL Media Hub

SL Media Hub - Header

මාරාන්තික උපවාසකරුවන්ට සාකච්ඡාවක්

උපවාසයේ නිරත වන ලංකා පාසල් සංවර්ධන නිලධාරින් සමඟ සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.

මේ බව ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා උපවාසකරුවන්ට (30) දැනුම් දුන්නේය.

ඒ අනුව (03) මෙම සාකච්ඡාව ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කර ඇති බව සඳහන් වේ.

ලබන සඳුදා දින සියලු සංවර්ධන නිලධාරින් කොළඹට කැඳවා ඇති බවත් ඒ හේතුවෙන් ඊට පෙර එම සාකච්ඡාව ලබා දෙන ලෙසත් ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා ඉල්ලා සිටියේය.

තමන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ මාරාන්තික උපවාසය අද පස්වැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළේ ජනවාරි 26 වැනිදාය.

උපවාසයේ නිරතව සිටි සිව්දෙනෙකු අතරින් දෙදෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වී පසුගියදා රෝහල්ගත කෙරුණු අතර සෙසු දෙදෙනාගෙන් එක් අයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය ද අයහපත්වීම නිසා අද පෙරවරුවේ ඔහු රෝහල්ගත කෙරිණි.

ඒ අනුව මේ වනවිට මාරාන්තික උපවාසයේ නිරතව සිටින්නේ එක් අයෙකු පමණය.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top