SL Media Hub

SL Media Hub - Header

මාලිමා අපේක්ෂකයෙකුට මරු කැඳවූ අනතුර

ජාතික ජන බලවේග රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ධූර අපේක්ෂක විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු සහ විශ්‍රාමික කර්නල්වරයෙකු ගමන් ගත් යතුරුපැදියක් හා පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ, පන්නිපිටිය මාකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු වූ එච්. එම්. සරත් විජේසේන නැමති 63 හැවිරිදි දෙදරු පියෙකි.

අනතුරින් විශ්‍රාමික කර්නල්වරයා බරපතළ තුවාල ලබා තිබේ.

මියගිය බ්‍රිගේඩියර්වරයා සහ තුවාල ලැබූ කර්නල්වරයා ව්‍යාපාරික කටයුත්තක් සඳහා ගාල්ල ප්‍රදේශයට යතුරුපැදියෙන් බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ පැමිණෙමින් සිටියදී වැල්මිල්ල ගල්කඩේ හංදිය ප්‍රදේශයේදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කාර්ය මණ්ඩලය රැගෙන මතුගම බලා ගමන් ගත් පුද්ගලික බස් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.

බසයේ ගැටුණු යතුරුපැදිය මීටර් 100කට අධික දුරක් ඇදී ගොස් මාර්ගයේ නැවතී තිබුණි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු වන අඟලවත්ත ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top