SL Media Hub

SL Media Hub - Header

මාස 9ක කාලයක් පැවති විගණකාධිපති ධුරයේ පුරප්පාඩුව

මාස 9ක් පුරා පවතින විගණකාධිපති ධුරයේ පුරප්පාඩුව අද (03) ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියෙන් සම්පූර්ණ විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් යෝජනා කළ සමුදිකා ජයරත්න මහත්මිය නව විගණකාධිපතිනිය ලෙස පත් කිරීමට සභාව එකඟ විය.

පසුගිය අප්‍රේල් මාසයේ චුලන්ත වික්‍රමරත්න මහතා විශ්‍රාම ගත් පසු මෙම ධුරය හිස්ව තිබූ අතර, පෙර නාමයෝජනා කිහිපයක් ප්‍රතික්ෂේප වී තිබුණි.

දශක දෙකකට අධික සේවා පළපුරුද්දක් ඇති සමුදිකා ජයරත්න මහත්මිය මේ වනවිට නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරමින් සිටියාය.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top